පළාත් සභා ස්ථාපිත කිරිම හා විකාශනය

පළාත් සභාවල නීති හැදීමේ බලය

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග මධ්‍ය ආණ්ඩුවේ නිතී සෑදීමේ බලය පළාත් සභා ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව සහ සංවෘත ලැයිස්තුව යනුවෙන් ලැයිස්තු 3ක් යටතේ වර්ග කර ප්‍රඥප්ති මගින් නිතී පැනවීමේ බලය විමධ්‍ය ගත කර ඇත.
ඒ අනුව, 154 (1) ව්‍යවස්ථාව යටතේ සෑම පළාත් සභාවක් විසින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම පළාත් සභාව පිහිටවනු ලැබ ඇති ප්‍රදේශයට අදාළ වන සේ නවවන උපලේඛනයේ 1 වන ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුව) ඇති කාරණයක් සම්බන්ධයෙන් ප්‍රඥප්ති සෑදිය හැකි බවද,
154 (5) (ආ) ව්‍යවස්ථා යටතේ එකි එක් කාරණාවේ අවස්ථාගත කරුණු අනුව උචිත යැයි පළාත් සභාව අදහස් කරන අකාරයට පාර්ලිමේන්තුවෙන් විමසීමෙන් පසුව එම පළාත් සභාව පිහිටවනු ලැබු පළාතට අදාල වනසේ නව වන උපලේඛනයන් III වන ලැයිස්තුවේ (සමගාමි ලැයිස්තුව) සඳහන් යම් කාරණයක් සම්බන්ධයෙන් පළාත් සභාවක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව ප්‍රඥප්ති සෑදිය හැකි බවද,
154 (7) ව්‍යවස්ථාව යටතේ නවවන උපලේඛණයේ II වන ලැයිස්තුවේ (සංවෘත ලැයිස්තුව) දක්වා ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රඥප්ති සැදීමට පළාත් සභාවට බලය නොමැති බවද දක්වා ඇත.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 ව්‍යවස්ථාව යටතේ පළාත් සභා ස්ථාපිත කිරිමත් සමග එක් එක් පලාතට මහාධිකරණයක් තිබිය යුත්තේ යැයි දක්වා ඇත. ඒ අනුව පිහිටුවන ලද මහාධිකරණයන්හි අනුගමනය කල යුතු කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් සහ ඒ අධිකරණය වෙත සහ ඒ අධිකරණයේ අභියාචනය කිරීමේ අයිතිය පිළිබඳව ද ඊට සම්බන්ධ හෝ අනුශංගික කාරණා සම්බන්ධයෙන්ද විධිවිධාන 1990 අංක 19 දරණ පලාත්බද මහාධිකරන (විශේෂ විධිවිධාන) පනත මගින් සලස්වා ඇත.

ඒ යටතේ 154 (4)(ආ) ව්‍යවස්ථාව අනුව පළාත ඇතුලත

(i) යම් නිතියක් හෝ
(ii) එම පළාත සඳහා පිහිටුවන ලද
පළාත් සභාව විසින් සාදන ලද ප්‍රඥප්තියක් යටතේ බලතල ක්‍රියාත්මක කරන යම් තැනැත්තකුට විරුද්ධව සර්ටියෝරාරි, තහනම්, ප්‍රොසිඩෙන්ඩෝ, මන්ඩ්‍රාමුස් සහ ක්වෝවොරන්ටෝ යන රීට් ආඥාවල ස්වභාවයේ වූ ආඥා පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් නිකුත් කිරිමට අධිකරණ බලය ලබා දී ඇත.

උතුරු මැද පළාත් සභාව
පළාත් සභා ස්ථාපිත කිරිම හා විකාශනය

1987 දී සම්මත කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් පලාත් සභා ගිවිසුම සඳහා නෛතික ප්‍රතිපාදන සලසා දෙන ලදී.ඒ සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 4 වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii අ පරිච්ඡේදය ලෙස සහ 154 අ සිට 154 ඩ දක්වා වු ව්‍යවස්ථා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරයේ 154 වන ව්‍යවස්ථාවට ඉකිබිතිව සංශෝධනයන් ඇතුලත් කරන ලදී.13 වන ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනයේ 154 (1) හා අටවන උපලේඛන අනුව උතුරු මැද, බස්නාහිර, වයඹ, ඌව, උතුර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණ ලෙස නිශ්චිතව සඳහන් පලාත් නවයක් සඳහා පලාත් සභාව පිහිටුවීමට ප්‍රතිපාදන සලසා දෙන ලදී. ඒවාට 154 (3) අනු ව්‍යවස්ථාව යටතේ එකිනෙකට යාබද පලාත් දෙකකට හෝ තුනකට එක් අණ්ඩුකාරවරයකුගෙන් එක් ප්‍රධාන අමාත්‍යවරයෙකුගෙන් එක් අමාත්‍ය මණ්ඩලයකින් සහ තෝරා පත් කර ගන්නා ලද එක් පළාත් සභාවකින් යුත් එක් පරිපාලන ඒකකයක් බවට පත්වීමට ද, ප්‍රතිපාදන සලසා දෙන ලදී.
ඒ අනුව 1987 අංක දරණ පළාත් සභා ඡන්ද විමසීම් පහත වයඹ, උතුරුමැද, සබරගමුව, ඌව පළාත් සඳහා 1988.04.28 වන දින ද, බස්නාහිර, මධ්‍යම, දකුණු පළාත් සඳහා 1988.06.02 වන දින උතුරු නැගෙනහිර පලාත ලෙස ඒකාබද්ධ කරන ලද උතුරු හා නැගෙනහිර පලාත් සඳහා 1988.12.19 වන දින ද ලෙස පලාත් සභා මැතිවරණ පවත්වන පළාත් සභා 08ක් ස්ථාපිත කරන ලදී.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 (ආ) ව්‍යවස්ථාව යටතේ පිහිටුවනු ලැබූ සෑම පළාත් සභාවක් සඳහා ම ආණ්ඩුකාරවරයකු පත් කිරීම සඳහා විධිවිධාන සලසා දෙන ලද අතර ඔහු පළාත් සභාව තුල ජනාධිපතිවරයාගේ නියෝජිතයා මෙන්ම ප්‍රධාන විධායකය ද විය. එසේම පළාත් සභවාක් සඳහා තෝරා පත්කරගනු ලබන මහජන නියෝජිතයින් සංඛ්‍යාව තිරණය කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 (ඈ) ව්‍යවස්ථාව යටතේ පාලාතේ වර්ග ප්‍රමාණය සහ ජනගහය සැලකිල්ලට ගෙන සිදු කරන ලදි.
පිහිටුවන ලැබු පලාත් සභවාර අනුගමනය කලයුතු කාර්ය පටිපාටිය,පළාත් සභා රාජ්‍ය සේවයට අදාල කාරණා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්මට 1987 අංක 42 දරණ පළාත් සභා පනත මගින් සිදු කරන ලදි.
කොටස් හතරකින් සමන්විත පලාත් සභා පනතේ 1 වන කොටස අංක දෙකේ සිට හය දක්වා වගන්ති මගින් පලාත් සභාවල සමාජිකත්වයට අදාල පළාත් සභාවේ නාමය හා මන්ත්‍රීධුර සංඛ්‍යාව, මන්ත්‍රීධුරය සඳහා සුදුසුකම්, අසුන් හිස්වීම යනා දී කරුණු සම්බන්ධයෙන්ද
II වන කොටස අංක 7 සිට 18 දක්වා වගන්ති මගින් පළාත් සභා වල රැස්වීම් හා වැඩ කටයුතු කිරිමට අදාල වන්නා වූ පලාත් සභා සභාපතිවරයා,නියෝජ්‍ය සභාපතිවරයා පත් කිරිම,පලාත් සභා මන්ත්‍රීවරයන්ගේ බලතල හා වරප්‍රසාද, සභාවේදී ඡන්දය දීම, කාර්ය පටිපාටි රීති සැදීම, සභාවේ කටයුතු කරගෙන යාම, සභා ලේකම් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කිරිම, පලාත් සභාවන්හි සාකච්ඡා පිළිබඳ සිමා පැනවීම යන කරුණු සම්බන්ධයෙන්ද,
III වන කොටස අංක 19 සිට 30 වගන්ති මගින් පලාත් සභා අරමුදල් සම්බන්ධයෙන් වු පළාත් සභා අරමුදලක් පිහිටුවීම, පලාත් සභා හදිසි අවස්ථා අරමුදලක් පිහිටුවීම, වාර්ෂික මුදල් ප්‍රකාශය ඉදිරිපත් කිරිම, විසර්ජන ප්‍රඥප්තිය, පරිපුරක ප්‍රදාන, අතුරු සම්මත ලිණුම යනාදී කරුණු සම්බන්ධයෙන්ද,
IV වන කොටස අංක 31 සිට 37 දක්වා වගන්ති මගින් පලාත් රාජ්‍ය සේවයක් ස්ථාපනයට අදාල වන්නා වූ ප්‍රධාන ලේකම්වරයා,පලාත් සභා රාජ්‍ය සේවය,පලාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව යනා දී කරුණු සම්බන්ධයෙන් ද විධිවිධාන සලසා දෙන ලදී.
ස්ථාපිත කරනු ලැබු පලාත් සභා වල ක්‍රියාකාරිත්වය වඩාත් පහසු හා කාර්යක්ෂම කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 1989 අංක 12 දරණ පලාත් සභා (අනුශිංගික විධිවිධාන)පනත මගින් සලසා දෙන ලදී.

1990 අංක 27 දරන පලාත් සභා (සංශෝධන)පනත
1990 අංක 28 දරන පලාත් සභා (සංශෝධන)පනත
2010 අංක 13 දරන පලාත් සභා (සංශෝධන)පනත
මගින් පලාත් සභා පනත කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය වීම සිදු වී ඇත.
පළාත් සභා පිහිටුවීමත් සමග ඇති වු නෛතික හා පරිපාලන ව්‍යුහයන් සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීම පිණිස අවශ්‍ය අමතර විධිවිධාන පහත සඳහන් පනත් මගින් පහුකාලිනව සිදු කෙරිනි.

1993 අංක 17 දරණ පලාත් සභා විශ්‍රාම වැටුප් පනත
1993 අංක 19 දරන පළාත්බඳ මහාධීකරණ (විශේෂ විධීවිධාන) පනත
2006 අංක 54 දරණ පළාත්බඳ මහාධීකරණ (විශේෂ විධීවිධාන)(සංශෝධන) පනත
1988 අංක 37 දරණ පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීම)පනත.

උතුරු මැද පළාත් සභාව පිහිටුවීම හා විකාශනය

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1987 අංක 42 දරණ පලාත් සභා පනත මගින් දෙන ලද ප්‍රතිපාදන මත 1998 අංක 02 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත අනුව උතුරු මැද පළාත් සභාව අනුරාධපුර සහ පොළොන්නරුව යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන්ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඡන්දයෙන් පත් කරන 22 දෙදෙනකු ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්දයෙන් පත් කරන 11 දෙනෙකු ද, උතුරු මැද පළාත් සභාව සංයුක්තවේ. ඒ අනුව 1988 මැයි මස ආරම්භ කරන ලද පළාත් සභා ලේකම් කාර්යාලයට ස්ථිර වශයෙන් ගොඩනැගිල්ලක් නොතිබු අතර මහ ලේකම් කාර්යාලයේ ලබාගත් කුඩා කාමරයක කාර්යාලයක් ස්ථාපිත කරන ලදී. පළාත් සභා රැස්වීම් පැවැත්වීම සදහා නිසි ස්ථානයක් නොතිබුණි. අනුරාධපුර පණ්ඩුලගම ගම් උදා භූමියේ ඇති ගොඩනැගිල්ලක 1988.05.12 වෙනි දින ප්‍රථම සභා රැස්වීම් පවත්වා ඇත. පසුව අනුරාධපුර විවේකානන්ද විද්‍යාලයේ සන්ථාගාර ශාලාව ද මාස කිහිපයත් ප්‍රයෝජනයට ගත් අතර, නැවත අනුරාධපුර මහ ලේකම් ගොඩනැගිල්ලේ කුඩා රැස්වීම් ශාලාවක් ස්ථාපිත කර 2004 සැප්තැම්බර් දක්වා එහි සභා රැස්වීම් කටයුතු පවත්වාගෙන ගොස් ඇත.